මිනුවන්ගොඩ නගර සභා පුස්තකාලයේ ඉතිහාසය
ප්‍රදේශයේ කිසිම පුස්තකාලයක් නොමැති අවධියක උප නගර සභා බල ප්‍රදේශයේ දිලිදු පාසල් ශිෂ්‍ය / ශිෂ්‍යාවන්ට පාසල් පොත් බෙදා දීමෙන් ඇති වූ මහජන ප්රබෝධය තව දුරටත් ඔප් නැංවීමේ බලාපොරොත්තුවෙන් මෙම පුස්තකාලය 1966 වර්ෂයේ ආරම්භ කර ඇත. එවකට උප නගර සභාවේ සභාපති පදවිය හෙබවූ ඩී.බී. විජේතුංග මහතා ප්රමුඛ උප නගර සභාව මගින් උප නගර සභා කාර්යාලයේ ආරම්භ කරන ලද මහජන පුස්තකාලය පසුව පරාක්‍රම ක්‍රීඩා පිටියේ පිහිටි කුඩා ගොඩනැගිල්ලකට ගෙන ගොස් ඇත. එවකට පරාක්‍රම ක්‍රීඩා පිටිය කුඩා උද්‍යානයක්ව පැවත ඇත.
1971 ජනවාරි 01 සිට මිනුවන්ගොඩ උප නගර සභාව නගර සභාවක් බවට පත් විය. සමරක්කොඩි මාවත යනුවෙන් නම් කරන ලද මාර්ගයේ අංක 24 දරණ ස්ථානයට පුස්තකාලය පසුව ගෙන එන ලදී. ඉහතදී මෙම ගොඩනැගිල්ල නගර සභාවට අයත් නිල නිවසකි. පසු කලකදී මෙය පුස්තකාලයට සුදුසු වන ලෙස තරමක් දුරට සකස් කර පවත්වාගෙන ගොස් ඇත. සමරක්කොඩි මාවත පසුකලකදී සිරිවර්ධන මාවත යනුවෙන් නම් කර ඇති අතර මහජන පුස්තකාලයද සිරිවර්ධන මහජන පුස්තකාලය යනුවෙන් නම් කර ඇත. වර්තමානයේ මෙම පුස්තකාලය සිරිවර්ධන මාවතේ නගර සභා ගොඩනැගිල්ලෙහි උඩු මහලෙහි පවත්වාගෙන යනු ලබයි.
වර්තමානයේ මිනුවන්ගොඩ නගර සභා පුස්තකාලය භාවිතා කරන ඔබට ලබාගත හැකි සේවාවන්
- බැහැර දෙන අංශය.
- විමර්ෂණ අංශය.
- ළමා අංශය.
- වාර සඟරා හා පුවත්පත් අංශය.
- අධ්‍යයන අංශය.
- විශේෂිත තොරතුරු හා ප්‍රාදේශීය තොරතුරු එකතුව.
- ප්‍රජා තොරතුරු සේවා.
සම්බන්ධීකරණය
නම සහ තනතුර | ලිපිනය | දුරකථන අංක | ෆැක්ස් | විද්‍යුත් තැපෑල |
ඒ.ජී.එම්.පී මංගලිකා මිය පුස්තකාලයාධිපති |
මිනුවන්ගොඩ නගර සභාව, සිරිවර්ධන මාවත, මිනුවන්ගොඩ | +94 112 295 275 / +94 112 297 636 |
+94 112 281 505 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
සුසානභූමි සේවා
අවශ්‍ය ලිපි ලේඛන
- භූමිදානය සඳහා සුදුසු බව සඳහන් ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන ලද ලිපිය.
- මිනුවන්ගොඩ නගර සභා ලේකම් විසින් අනුමත කල ඉල්ලීම් ලිපිය.
- නගර සීමාව - රු.2500.00 / පිටත රු.3500.00 ක ගාස්තුවක් අයකරනු ලැබේ.
සැලකිය යුතුයි
- භූමදානය සඳහා අවශ්‍යවන වල මිනුවන්ගොඩ නගර සභාව මඟින් සකස් කර දෙනු ලැබේ.
- සුසාන භූමියේ ඉඩකඩ සීමා සහිත බැවින් නව අයදුම්කරුවන් සඳහා දේහයන් තැන්පත් කිරීම සඳහා අවසර ලබා දෙනු නොලැබේ.
ආදාහනාගාර සේවා
අවශ්‍ය ලිපි ලේඛන
- මරණ සහතිකයේ සත්‍ය පිටපත හා ඡායා පිටපත් 01.
- ආදාහනය සඳහා සුදුසු බව සඳහන් ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන ලද ප්‍රාදේශීය ලේකම් සහතික කරන ලද ලිපිය.
- සම්පූර්ණ කරන ලද ආදාහනාගාර වෙන්කිරීමේ අයදුම්පත.
සැලකිය යුතුයි
- ආදාහනය සඳහා දිනය හා වේලාව තීරණය කිරීමට ප්‍රථමව ආදාහනාගාරය වෙන්කරවා ගන්න.
ආදාහනාගාරය වෙන්කල හැකි වේලාවන්
- ප.ව - 2.00
- ප.ව - 4.00
- ප.ව - 6.00
ගාස්තු
නගර සභා බල ප්‍රදේශය තුල | රු. 15000.00 |
නගර සභා බල ප්‍රදේශයෙන් බැහැර | රු. 17500.00 |
භෂ්මාවශේෂ තැන්පත් කිරීම
- භෂ්මාවශේෂ තැන්පත් කිරීම තාවකාලිකව නවතා ඇත.