ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
-
v ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිත ඉඩමේ පිඹුර මිනුවන්ගොඩ නගර සභාව විසින් අනුමත කර තිබීම.
v අදාල ඉඩම් කොටස සඳහා වරිපනම් අංකයක් ලබා තිබීම හා වරිපනම් ලේඛනයේ අයිතිකරුගේ නම අදාල ඉඩමේ හිමිකරුගේ නමට සංශෝධනය කර තිබීම.
v නිවැරදිව සම්පූර්ණ කළ ගොඩනැගිලි සංවර්ධන අයදුම්පත සමඟ පහත ලියවිලි ඉදිරිපත් කිරීම.
- අනුමත පිඹුරේ පිටපත් 01
- අදාල ගොඩනැගිලි සැලැස්මේ මුල් පිටපත් 03
- ඔප්පු පිටපත් 01
- ඉඩමේ හිමිකරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපත් 01
- ඉඩමේ හිමිකරු අයදුම්කරු නොවේ නම් ගොඩනැගිලි අයදුම්පත ඉදිරිපත් කිරීමට බලය පැවරෙන ලිපිය හා අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපත් 01 ( විශේෂ අවස්ථාවන්හි පමණක් අවසර ලබා දෙනු ලබයි. )
අයදුම්පත බාගත කර ගැනීමට සංවර්ධන අයදුම්පත
අනුමත ගොඩනැගිලි සැලැස්මේ වලංගු කාලය දීර්ඝ කර ගැනිම
v ගොඩනැගිලි සැලැස්ම අනුමත කර වර්ෂයක් ඉක්ම ගොස් ඇත්නම් අදාල ගොඩනැගිලි සැලැස්මේ වලංගු කාලය දීර්ඝ කර ගත යුතුයි. ( වර්ෂ 05ක් දක්වා පමණක් කාලය දීර්ඝ කරගැනීමට හැකියාව ඇත. )
v අනුමත ගොඩනැගිලි සැලැස්මේ මුල් පිටපත සමඟ අදාල අයදුම්පත සම්පුර්ණ කර ඉදිරිපත් කළ යුතුයි.
v ගොඩනැගිලි සැලැස්ම අනුමත කර වර්ෂ 05ක් ඉක්මවා ඇත්නම් නව සැලැසුම් 03ක් හා අදාල ලියවිලි සමඟ නැවත නව ගොඩනැගිලි සංවර්ධන අයදුම්පතක් ඉදිරිපත් කර අනුමත කරවා ගත යුතුයි
අනුකූලතා සහතික නිකුත් කිරීම
- නිවැරදිව සම්පූර්ණ කරන ලද අනුකූලතා සහතික අයදුම්පත සමග පහත ලේඛණ ඉදිරිපත් කළයුතුය.
- අනුමත කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත.
බිම් කට්ටි සැලසුම් අනුමත කිරීම
v නගර සීමාවේ පිහිටි ඉඩමක් වීම.
v වරිපණම් අංකයක් ලබා තිබීම. ( ඉඩම් කොටස් කිරීමක් නම් මුල් ඉඩම සඳහා වරිපණම් අංකයක් තිබීම ප්‍රමාණවත් වේ. )
v නිවැරදිව සම්පූර්ණ කළ අනුබෙදුම් අයදුම්පත සමඟ පහත ලියවිලි ඉදිරිපත් කිරීම.
-
- අනුමත කළ යුතු පිඹුරේ මුල් පිටපත
- මිනින්දෝරු තැන විසින් සහතික කළ මුල් ප්‍රමාණයට ඡායාපිටපත් කළ පිටපත් 02
- ඔප්පුවේ පිටපත් 01
- ඉඩමේ හිමිකරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපත් 01
- ඉඩමේ හිමිකරු අයදුම්කරු නොවේ නම් අනුබෙදුම් අයදුම්පත ඉදිරිපත් කිරීමට බලය පැවරෙන ලිපිය හා අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපත් 01 ( විශේෂ අවස්ථාවන්හි පමණක් අවසර ලබා දෙනු ලබයි. )
අයදුම්පත බාගත කර ගැනීමට අනුබෙදුම් අයදුම්පත
වීථි රේඛා සහතික හා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම
v නිවැරදිව සම්පූර්ණ කළ වීථි රේඛා හා නොපවරවාගැනීම් සහතික අයදුම්පත සමඟ පහත ලියවිලි ඉදිරිපත් කිරීම.
-
- අනුමත පිඹුරේ ඡායා පිටපත
- ඔප්පුවේ පිටපත් 01
- ඉඩමේ හිමිකරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපත් 01
- ඉඩමේ හිමිකරු අයදුම්කරු නොවේ නම් වීථි රේඛා හා නොපවරවාගැනීම් සහතික අයදුම්පත ඉදිරිපත් කිරීමට බලය පැවරෙන ලිපිය හා අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපත් 01 ( විශේෂ අවස්ථාවන්හි පමණක් අවසර ලබා දෙනු ලබයි. )
- අයදුම්පත ඉදිරිපත් කරනු ලබන කාර්තුව අවසානය දක්වා වරිපණම් ගෙවා තිබිය යුතුයි
- අදාල ඉඩම් කොටස සඳහා වරිපනම් අංකයක් ලබා තිබීම හා වරිපනම් ලේඛනයේ අයිතිකරුගේ නම අදාල ඉඩමේ හිමිකරුගේ නමට සංශෝධනය කර තිබීම.
අයදුම්පත බාගත කර ගැනීමට වීථි රේඛා සහතික හා නොපවරා ගැනීමේ සහතික අයදුම්පත
නගර සභාවට පවරාගෙන ඇති සියළුම මාර්ගයන්හි නඩත්තුව හා වැඩි දියුණු කිරීම
නගර සභාව මගින් නඩත්තු කරනු ලබන මාර්ග 153ක් පමණ සංඛ්‍යාවක් නගර සභා බල ප්‍රදේශය තුළ පවතී. සභා අරමුදල්, පළාත් හා රජයේ ප්‍රතිපාදන යොදාගනිමින් මාර්ග නඩත්තුව හා වැඩිදියුණු කිරීම සිදුකරනු ලබන අතර 2015 වර්ෂයේදී ඉහත ප්‍රතිපාදන යටතේ මාර්ග නඩත්තුව හා ප්‍රතිසංස්කරණය සදහා ලක්ෂ 130 ක මුදලක් වැය කරන ලදී. සමස්ථ මාර්ග ප්‍රමාණයෙන් 80 % ප්‍රමාණයක් ආවරණය වනසේ නඩත්තු කටයුතු සිදුකර ඇත. මේ සදහා ප්‍රදේශයේ සමිති හා ප්‍රජා සංවිධාන වල දායකත්වය ලබාගෙන ව්‍යාපෘතීන් ඉටු කිරීමට කටයුතු කර ඇත.
පදික වේදිකා සහ වැසි ජල කාණු නඩත්තුව හා වැඩි දියුණු කිරීම
නාගරික බල ප්‍රදේශයේ පදික වේදිකා ප්‍රතිසංස්කරණයට පසුගිය වසර වලදී ප්‍රමුඛතාවයක් ලබාදී කටයුතු කරන ලදී. මේ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව නාගරික බල ප්‍රදේශයේ පදික වේදිකා සදහා අන්තර් සම්බන්ධිත කොන්ක්‍රීට් කුට්ටි අතුරා සංවර්ධනය කිරීමට කටයුතු කර ඇත.
නගර සභාවට අයත් මාර්ග වල කාණු ප්‍රතිසංස්කරණය හා නඩත්තුව සභාව මගින් සිදු කරනු ලබන අතර මේ සම්බන්ධව මහජන පැමිණිලි හා යෝජනා සභාව වෙත ඉදිරිපත් කිරීමට ජනතාවට ඉඩ ප්රස්ථා ලබාදී ඇත.
අනතුරු දායක ගස් ඉවත් කිරීම
මහජනයාගේ හා ආයතනවල පැමිණිලි වලට අනුව අනතුරුදායක ගස් ඉවත් කිරීම සම්බන්ධව කටයුතු කරනු ලබයි. ලිඛිත පැමිණිල්ලක් ලේකම් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුදායක ගස් පිළිබද දැනුම්දීමට හැකියාව පවතී. තාක්ෂණික නිළධාරීන්ගේ නිර්දේශ මත අනතුරුදායක තත්වය හදුනාගෙන ගස් ඉවත් කිරීම හෝ ඊට උචිත ක්‍රියාමාර්ග ගනු ලබයි.
ජල නල එළීම සදහා නගර සභා මාර්ග පලුදු කිරීම අනුමත කිරීම
- ජල සම්පාදන මණ්ඩලයෙන් නිකුත් කරනු ලබන අයදුම්පත ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
- මාර්ගය පලුදු කිරීම අළුත්වැඩියා කිරීම සදහා ඇස්තමේන්තු ගත මුදල නගර සභාවට ගෙවා නගර සභාවෙන් ලිඛිත අනුමැතියක් ලබාගෙන අයදුම්කරු විසින් ජල සම්පාදන මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුයි.
වීථි පහන් නඩත්තුව
- නගර සභාවේ විදුලි අංශයේ අධීක්ෂණය මත වීථිපහන් නඩත්තුව වර්ෂය පුරාම සිදුකිරීමට කටයුතු කරනු ලබයි. මේ සම්බන්ධව මහජන පැමිණිලි හදුනාගැනීම සදහා ලේඛණයක්
- පවත්වාගෙන යන අතර එහි සටහන් කිරීම මගින් පැමිණිලි ඉදිරිපත් කිරීම සිදු කළ හැකිය.
- විදුලි අංශය මගින් අදාල පැමිණිලි පරීක්ෂාකර අළුත් වැඩියාවන් සිදු කරනු ලබයි.
අනවසර ඉදි කිරීම් වැලැක්වීම
- බලප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් පිළිබදව සෘජුවම ප්‍රදේශවාසින්ට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.
- ලැබෙන පැමිණිලි සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් පවත්වා තාක්ෂණ නිළධාරීන්ගේ නිර්දේශ මත ඉදිරි පියවර ගැනීමට කටයුතු කරනු ලබයි.
- සංවර්ධන කටයුතු සදහා නීත්‍යානුකූල අවසරය ලබාගැනීම කටයුතු කිරීමට දැනුවත් කිරීම හෝ නගර සභා ආඥා පනත ප්‍රකාරව නීති මගින් කටයුතු කිරීම සිදුවේ.
මහජන පැමිණිලි විමර්ශනය
- මහජනතාවගේ පැමිණිලි ලිඛිතව ලේකම් වෙත දැනුම් දීම සිදුකළ යුතුය.
- අදාල පැමිණිලි විභාග කර නගර සභාව මගින් ලබාදිය හැකි විසදුම් ලබා දීමට කටයුතු කරනු ලබයි.
- අදාල විසදුම ලබාදීමට හැකියාව පවතින්නේ වෙනත් රජයේ හෝ අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් වෙත නම් ලිඛිත දැනුම් දීම් සිදුකර විසදුම් ලබාදීමට සම්බන්ධීකරණය කරනු ලබයි.
සම්බන්ධීකරණය
නම සහ තනතුර | ලිපිනය | දුරකථන අංක | ෆැක්ස් | විද්‍යුත් තැපෑල |
W.S.තරංගනී මිය වැඩ අධිකාරි, කර්මාන්ත අංශය |
මිනුවන්ගොඩ නගර සභාව, සිරිවර්ධන මාවත, මිනුවන්ගොඩ | +94 112 295 275 / +94 112 297 636 |
+94 112 281 505 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
භාග්‍යා උමයංගනී මිය තාක්ෂණික නිලධාරි |
මිනුවන්ගොඩ නගර සභාව, සිරිවර්ධන මාවත, මිනුවන්ගොඩ | +94 112 295 275 / +94 112 297 636 |
+94 112 281 505 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
උපුල් චන්ද්‍රසිරි මයා කර්මාන්ත පරිපාලක |
මිනුවන්ගොඩ නගර සභාව, සිරිවර්ධන මාවත, මිනුවන්ගොඩ | +94 112 295 275 / +94 112 297 636 |
+94 112 281 505 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |