මාතෘ ආධාර හා ළදරු ආධාර ව්‍යාපෘතිය
මිනුවන්ගොඩ නගර සභාව මගින් වාර්ෂිකව අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිනි මාතාවන් සදහා රෝහල්ගත වීමේදී අවශ්‍ය වන ද්‍රව්‍ය කට්ටලයක් මාතෘ ආධාර ලෙසද අළුත උපන් දරුවන් සඳහා ළදරු ආධාර කට්ටලයක්, ළදරු ආධාර ලෙස ද ප්රදානය කරයි. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්, ග්‍රාම සේවක නිලධාරීන් මගින් නිර්දේශිත අයඳුම් පත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙතින් සහතික කර නගර සභා ලේකම්ගේ / සභාපතිගේ අනුමැතිය ලබා විනිවිද භාවයෙන් යුතුව මෙකී කර්තව්‍ය ක්‍රියාත්මක කෙරේ.
ප්‍රජාමූල සංවිධාන දිරි ගැන්වීම සඳහා ආධාර ලබා දීමේ ව්‍යාපෘතිය
අප බල ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් මෙන්ම මහජන උපයෝගීතා සේවා හා සුභ සාධක කටයුතු විධිමත් කිරීම තුළින් ප්‍රජාවගේ සමෘද්ධිය හා අධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම උදෙසා පුජා මූල සංවිධාන ශක්තිමත් කිරීම උදෙසා වාර්ෂිකව අත්‍යවශ්‍ය භාණ්ඩ හා උපකරණ කට්ටල ලබා දීම සිදු කරනු ලබයි.
කාන්තා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය
කුටුම්භයක් තුළ ජීවන තත්වය උසස් කරලීමේ අභිප්‍රායෙන් කාන්තාවන් ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ ව්‍යාපෘති මිනුවන්ගොඩ නගර සභාව මඟින් වාර්ෂිකව සිදු කරයි. බල ප්‍රදේශයේ කාන්තාවන්, ප්‍රජා මණ්ඩල සාමාජිකාවන්, කාන්තා සමිති සාමාජිකාවන් සහ පෙර පාසල් දෙමාපියන් සම්බන්ධ කර ගනිමින් කාන්තාවන් සවිබල ගැන්වීම් මෙහිදී සිදු කෙරේ.
ප්‍රජාව දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය
අවබෝධයෙන් යුත් විචාරශීලී ප්‍රජාවක් බිහිකරලීමේ අභිප්‍රායෙන් අප නගර සභාව මඟින් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් වසර පුරා ක්‍රියාත්මක කරනු ලබයි.
- ළමා අපචාර පිළිබඳ දැනුවත් කිරීම්.
- බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීම්.
- කොම්පෝස්ට්කරණය පිළිබඳ දැනුවත් කිරීම්.
- ආයුර්වේද අත් බෙහෙත් පිළිබද දැනුවත් කිරීම්.
- මානසික ආතතිය දුරලීම සඳහා වන වැඩසටහන්.
- පාසල් සිසුන්ට අදාළ විවිධ අධ්‍යාපනික වැඩසටහන්.
- පරිසරයේ තිරසාර පැවැත්ම තහවුරු කිරීමේ වැඩසටහන්.
සාහිත්‍යය කෙරෙහි ඇති නැඹුරුව ප්‍රවර්ධනය කිරීම
"පිබිදෙන මිනුවන්ගොඩ පුරවරයෙහි පාඨක සැම දැනුමෙන් පෙරට" ගෙන යාමේ ඒකායන අරමුණ පෙරදැරිව මහජන පුස්තකාලය හා එක්ව විවිධ අධ්‍යාපනික, නිර්මාණාත්මක වැඩසටහන් සම්පාදනය තුළින් සාහිත්‍ය කෙරෙහි ඇති නැඹුරුව ප්‍රවර්ධනය කිරීමට අප නගර සභාව බලාපොරොත්තු වෙයි.
වාර්ෂිකව සම්පාදනය කෙරෙන වැඩසටහන්
- සාහිත්‍ය තරඟ පැවැත්වීම. (ලිඛිත, කථික අංගවලින්)
- නිර්මාණාත්මක නාට්‍ය තරඟ පැවැත්වීම.
- සෑම වසරකම යෙදෙන සාහිත්‍ය මාසයේ දී හෙළ සාහිත්‍ය කලා කෙත පෝෂණය කළා වූ මිනුවන්ගොඩ පුරවරයේ කලාශූරීන් ඇගයීමට පාත්‍ර කරවීම.
- සාහිත්‍ය තරඟ ජයග්‍රාහක / ජයග්රාහිකාවන්ට සම්මාන ප්රදානය.
- අපේ උරුමයන් සිහි කැඳවන සංගීත රසවින්දන වැඩසටහන් පැවැත්වීම.
මත් ද්‍රව්‍ය හා මත්පැන් නිවාරණ වැඩසටහන්
"මතින් තොර නිදහස් රටක්" ඇති කර ලීමේ උදාරතර පරමාර්ථයෙන් මිනුවන්ගොඩ නගර සභාව මඟින් 2015 වර්ෂයේ දී මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් ස්ථාපිත කර ගන්නා ලදී. එමගින් සෑම වසරකම මත් ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ඉටු කළ යුතු ක්‍රියාකාරකම් ඇතුලත් වාර්ෂික සැලැස්මක් පිළියල කර ප්‍රජා මණ්ඩල, කාන්තා සමිති, රාජ්‍ය ආයතන සහ සිරිවර්ධන මහජන පුස්තකාල පාඨක සමාජය සම්බන්ධ කර ගනිමින් ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා ක්‍රියාත්මක වේ.
- මහජනයා ගැවසෙන පොදු ස්ථාන ඉලක්ක කර ගනිමින් විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් සම්පාදනය.
- පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය නිවාරණයට අදාල පෝස්ටර් හා පුවරු ප්‍රදර්ශනය කිරීම.
- මත් ද්‍රව්‍ය නිවාරණයට අදාලව තොරතුරු ඇතුලත් දැන්වීම් පුවරුවක් පවත්වා ගෙන යාම.
- පාසල් සිසුන් මතින් මුදවාලීම උදෙසා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
- නාට්‍යානුසාරයෙන් මත් ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.
සම්බන්ධීකරණය
ප්‍රජා අංශය සුරංජි බද්දෙවිතාන මිය - ප්‍රජා සංවර්ධන නිලධාරි, මිනුවන්ගොඩ නගර සභාව
ලිපිනය | : | මිනුවන්ගොඩ නගර සභාව, සිරිවර්ධන මාවත, මිනුවන්ගොඩ. |
දුරකථන අංක | : | +94 112 295 275 / +94 112 297 636 |
ෆැක්ස් අංක | : | +94 112 281 505 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |