නගර සභාව සතු කඩ කාමර කුලියට ලබා දීම
කඩ කාමර පිළිබඳ තොරතුරු | කඩ ප්‍රමාණය |
නව වෙළඳ සංකීර්ණය | 89 |
නිව්හැම් පාර නව වෙළඳ සංකීර්ණය | 16 |
කොළඹ පාර නව වෙළඳ සංකීර්ණය | 53 |
සණස ෆ්‍රීඩම් පාර්ක් වෙළඳ සංකීර්ණය | 25 |
උද්‍යාන පාර කඩ | 11 |
මීගමු පාර කඩ | 18 |
පොළ භූමිය කඩ | 3 |
උද්‍යාන පාර නව වෙළඳ සංකීර්ණය ඉදිරිපිට ඇති භූමියේ කඩ | 18 |
නව වෙළඳ සංකීර්ණය තේ කඩය | 1 |
බස් නැවතුම්පළ ඉදිරිපිට නව දෙමහල් වෙළඳ සංකීර්ණය | 6 |
පැරණි නගර සභා ගොඩනැගිල්ලේ ඇති කඩ | 2 |
මස් කඩ | 5 |
මාළු කඩ | 5 |
පරාක්‍රම ක්‍රීඩාපිටියේ ඇති කඩ | 1 |
- මෙම කඩ කාමර ටෙන්ඩර් පරිපාටිය තුලින් වැඩිම ගැනුම්කරු වෙත ලබා දීම සිදුවේ.
- පුරප්පාඩු වන කඩ කාමර සඳහා ටෙන්ඩර් කැඳවීම ජාතික පුවත්පත් මඟින් ප්‍රසිද්ධ කරනු ලැබේ.
නගර සභාව සතු උද්‍යාන, හිස් ඉඩම් කුලියට ලබා දීම
පරාක්‍රම උද්‍යානය
- දිනකට රු. 2000.00 ක් අය කරනු ලබයි.
- විදුලි පරිභෝජනය සඳහා භාවිතය අනුව වෙනමම ගාස්තුවක් ගෙවිය යුතු වේ.
- අයදුම්පත බාගත කර හෝ කාර්යාලයෙන් පැමිණ ලබාගෙන සම්පූර්ණ කර මුදල් ගෙවා අවශ්‍ය දිනය වෙන් කර ගත හැකිය.
- උද්‍යානයට හානි වන සේ තාවකාලිකව හෝ ඉදිකිරීම් සිදුකිරීමට අවසර නැත.
හිස් ඉඩම් - පොළ භූමියේ විවෘත කොටස
- වර්ග අඩියකට රු. 5.00 ක් බැගින් දෛනික පදනමට ලබා ගත හැක.
- පූර්ව ලිඛිත අවසරයක් නගර සභාවෙන් ලබා ගත යුතුයි.
ඇලිස්පාක් පිටිය
- දිවා කාලයේදී නගර සභා රථ ගාල වශයෙන් භාවිතා කරන බැවින් එහි කටයුතු වලට බාධා නොවන පරිදි අයදුම්කරුවන්ගේ අවශ්‍යතාවය සලකා බලා දෛනික කුලී පදනම යටතේ ලබා දෙනු ඇත.
- ආසන්න වශයෙන් රු. 2000.00 ක ගාස්තුවකට යටත්ව අවශ්‍යතාවය අනුව ගාස්තු අයකරනු ලැබේ.
ඉඩම් හා ගොඩනැගිලි වල හිමිකාරිත්වය වෙනස් වීම ලියාපදිංචි කිරීම
- අයදුම්පත මෙම වෙබ් අඩවියෙන් භාගත කර හෝ කාර්යාලයට පැමිණ ලබා ගත හැකි අතර සේවා ගාස්තුව ලෙස රු. 500.00 ක් ගෙවිය යුතුය.
- ඉඩමේ ඔප්පුව හා පිඹුරුපත අනුව නොතාරිස්වරයෙකු ලවා අයදුම්පත සම්පූර්ණ කර ගැනීම.
- ඉඩමේ ඔප්පුවේ හා පිඹුරුපතේ අනු පිටපත සමඟ නගර සභා කාර්යාලයට භාර දීම.
සැලකිය යුතුයි
- නම වෙනස් කිරීමේදී වර්තමානයේ වරිපණම් ලේඛනයේ තිබෙන අදාල දේපලෙහි හිමිකරුගේ නමේ සිට වර්තමාන අයදුම්කරු දක්වා පිළිවෙලින් හිමිකම් වෙනස් වී ඇති ආකාරය නොතාරිස් විසින් අයදුම්පතේ ලියා සහතික කල යුතුයි.
වරිපණම් උදෘත ලබා දීම
- නොතාරිස්වරයෙකු මඟින් ලිඛිතව කරන ඉල්ලීම නගර සභාවේ ලේකම් වෙත යොමුකර අනුමැතිය ලබාගෙන අදාල තොරතුරු ලබා දීම සිදුකරයි.
- වර්ෂයක් හෝ වර්ෂ කිහිපයක් පිළිබඳ තොරතුරු ලබා දීම සිදුකරයි.
- පිටපත් කිරීමේ ගාස්තුව - එක් වර්ෂයක උදෘතයක් සඳහා රු. 10.00
- තැන්පත් - එක් වර්ෂයක උදෘතයක් සඳහා රු. 05.00
වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම
- සෑම වර්ෂයක් ආරම්භයේදීම සෑම ව්‍යාපාරයක් සඳහාම වෙළඳ බලපත්‍රය ලබා ගත යුතුය.
- ව්‍යාපාරයට අදාළව බලපත්‍ර ලබා ගැනීම සඳහා වර්ෂයේ මුල් මාසයේ අයදුම්පත් නිකුත් කරයි.
- අයදුම්පත සම්පූර්ණ කර භාර දුන් පසු ආදායම් පරීක්ෂක හා මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශයන් ලබා ගෙන ඒ අනුව වෙළද බලපත්‍ර ගාස්තු ගෙවා අදාළ වර්ෂයට වෙළඳ බලපත්‍රය ලබා ගත හැක.
- ඉදිරි වර්ෂය සඳහා වන වෙළඳ බලපත්‍ර ගාස්තු සෑම වසරකම වසර අවසානයේ ගැසට් කරනු ලබයි.
රථගාල් නඩත්තුව
නගර සභාව සතු රථගාල් 05 කි.
- පැරණි සති පොළ භූමිය.
- ඇලිස් පාර්ක් පිටිය.
- නිව්හැම් පාර දකුණු පස නගර සභාව සතු භූමිය.
- නිව්හැම් පාර වම් පස නගර සභාව සතු භූමිය.
- නගර සභාව සතු ක්ලිනිපැත් ගොඩනැගිල්ල ඉදිරිපිට භූමියනගර සභාව සතු රථගාල් 05 කි.
සති පොළ හා දෛනික වෙළදාම් පාලනය හා නඩත්තුව
මිනුවන්ගොඩ නගර සභාවේ දිවිනැගුම සති පොළ පවත්වනු ලබන්නේ ඉරිදා දිනවල වන අතර සතිපොළ කඩ ලබාගත් අය වෙතින් පහත පරිදි ගාස්තු අය කරනු ලැබේ.
සතිපොළ ගාස්තු අයකිරීම
එක් වෙළඳ කුටියක් සඳහා | රු. 250.00 |
වෙළඳ කුටි 02 ක් සඳහා | රු. 700.00 |
- සතිපොළ අවසානයේ මුළු පොළ භූමියම පිරිසිදු කිරීමත් දෛනිකව නඩත්තු කටයුතු කිරීමත් නගර සභා සේවක මණ්ඩලය විසින් සිදුකරනු ලැබේ.
- නගරයේ වෙළඳාම පිණිස අවසරය ලබාගෙන ඇති ස්ථානයන්හි සිදුකරන දෛනික තාවකාලික වෙළඳ ව්‍යාපාර සඳහා අවම ගාස්තුව වන්නේ රු. 100.00 කි.
දැන්වීම් හා ප්රචාරක පුවරු ප්‍රදර්ශනයට අවසර ලබා දීම
- අයදුම්පත සම්පූර්ණ කර ලබා දී ලිඛිත අවසරයක් ලබා ගත යුතුයි.
ගාස්තු
තාවකාලික බැනර් සඳහා වර්ග අඩියකට | රු. 50.00 - මාසයක් |
දැන්වීම් පුවරු ස්ථීර වර්ග අඩියකට | රු. 100.00 - අවුරුද්දක් |
සම්බන්ධීකරණය
නම සහ තනතුර | ලිපිනය | දුරකථන අංක | ෆැක්ස් | විද්‍යුත් තැපෑල |
ඉන්දික කුමාරසිංහ මයා ආදායම් පරීක්ෂක |
මිනුවන්ගොඩ නගර සභාව, සිරිවර්ධන මාවත, මිනුවන්ගොඩ | +94 112 295 275 / +94 112 297 636 |
+94 112 281 505 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
P.N.D.සිල්වා මයා ආදායම් පරීක්ෂක |
මිනුවන්ගොඩ නගර සභාව, සිරිවර්ධන මාවත, මිනුවන්ගොඩ | +94 112 295 275 / +94 112 297 636 |
+94 112 281 505 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
දිලනි කරන්නාගොඩ මිය කළමනාකරණ සහකාර,ආදායම් විෂය භාර |
මිනුවන්ගොඩ නගර සභාව, සිරිවර්ධන මාවත, මිනුවන්ගොඩ | +94 112 295 275 / +94 112 297 636 |
+94 112 281 505 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |