නාගරික බල ප්‍රදේශයේ භූමි ප්‍රමාණ, ජනගහනය, සිතියම විශාල කර බලීමට පින්තූරය මත ක්ලික් කරන්න
භූගෝලීය පිහිටීම
1960 වර්ෂයේ සුළු නගර සභාවක් වශයෙන් පැවත 1971 වර්ෂයේ නගර සභාවක් වශයෙන් ස්ථාපිත වූ බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු අළුත්කුරු කෝරළයේ දාසිය පත්තුවේ මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාශයට අයත්, මිනුවන්ගොඩ නගර සභා බල ප්‍රදේශය ව.කි. 4.4කි. මුහුදු මට්ටමින් මීටර් 15 ක් පමණ උස මිනුවන්ගොඩ නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය 30ºC කි. වාර්ෂික වර්ෂාපතනය අඟල් 200 - 225 ත් අතර වේ. හෙක්ටයාර් 400 ක භූමි ප්‍රමාණයක් හිමි මෙම ප්‍රදේශයේ නේවාසික ප්‍රතිශතය 60% ක් පමණ වේ. 20% ක පමණ කුඹුරු ප්‍රතිශතයක් දක්නට ලැබෙන මෙහි වානිජ කර්මාන්ත, රාජ්‍ය ආයතන, උද්‍යාන, ක්‍රීඩා භූමි හා මාර්ග සඳහා ද රබර් හා පොල් සඳහා ඉතා සුළු බිම් ප්‍රදේශද වර්තමානයේ දක්නට ලැබේ.
දිසා 05 කට යොමුවන ප්‍රධාන මාර්ග පද්ධතියක් කේන්ද්‍ර කරගෙන ගොඩනැගී ඇති මිනුවන්ගොඩ නගරයට විනාඩි 20 ක දුරින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන්තොටුපළ පිහිටා තිබේ. මහනුවර - ගුවන්තොටුපළ මාර්ගයත්, කොළඹ - කුරුණෑගල මාර්ගයත්, ගම්පහ - මීගමුව මාර්ගයත් මෙම නගරය මධ්‍ය කොට ගමන් කරයි.
නගර සභා බල ප්‍රදේශයේ ජනගහන තොරතුරු (2014)
අංකය | ග්‍රාම සේවා වසම | ජනගහනය | විශාලත්වය (හෙක්ටයාර්) | පුරුෂ | ස්ත්‍රී |
125 | මැද මිනුවන්ගොඩ | 1085 | 50.2 | 564 | 521 |
125/1 | මිනුවන්ගොඩ බටහිර | 1174 | 67.61 | 574 | 600 |
125/2 | මිනුවන්ගොඩ උතුර | 1287 | 60.32 | 594 | 693 |
125/3 | මිනුවන්ගොඩ නැගෙනහිර | 2723 | 30.36 | 1225 | 1498 |
126/2 | බුරුල්ලපිටිය | 1020 | 40.48 | 460 | 560 |
126/3 | අඹගහවත්ත | 1385 | 35.27 | 795 | 590 |
එකතුව | 8674 | 284.24 | 4212 | 4462 |
ජාතීන් අනුව
අංකය | ග්‍රාම සේවා වසම | සිංහල | දෙමළ | මුස්ලිම් | වෙනත් | එකතුව |
125 | මැද මිනුවන්ගොඩ | 773 | 47 | 245 | 20 | 1085 |
125/1 | මිනුවන්ගොඩ බටහිර | 1140 | 3 | 31 | 1174 | |
125/2 | මිනුවන්ගොඩ උතුර | 1252 | 9 | 26 | 1287 | |
125/3 | මිනුවන්ගොඩ නැගෙනහිර | 2706 | 8 | 9 | 2723 | |
126/2 | බුරුල්ලපිටිය | 930 | 88 | 2 | 1020 | |
126/3 | අඹගහවත්ත | 1169 | 11 | 205 | 1385 | |
එකතුව | 7970 | 166 | 518 | 20 | 8674 |
ආගම් අනුව
අංකය | ග්‍රාම සේවා වසම | බෞද්ධ | හින්දු | රෝ.ක | ඉස්ලාම් | වෙනත් |
125 | මැද මිනුවන්ගොඩ | 726 | 46 | 71 | 242 | |
125/1 | මිනුවන්ගොඩ බටහිර | 999 | 2 | 12 | 31 | 135 |
125/2 | මිනුවන්ගොඩ උතුර | 1222 | 39 | 36 | ||
125/3 | මිනුවන්ගොඩ නැගෙනහිර | 2640 | 1 | 73 | 9 | |
126/2 | බුරුල්ලපිටිය | 420 | 42 | 556 | 2 | |
126/3 | අඹගහවත්ත | 1019 | 11 | 150 | 205 | |
එකතුව | 7021 | 102 | 901 | 515 | 135 |