2023 - වාර්ෂික සැලැස්ම - සිරිවර්ධන මහජන පුස්තකාලය
නගර සභාව - මිනුවන්ගොඩ
අනු අංකය |
අරමුණ |
ඉටු කිරීමට අපේක්ෂිත කාර්යය |
ඉලක්ක දිනය |
වගකීම |
අධීක්ෂණය |
01 |
එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන වැඩසටහනෙහි සිව්වන අරමුණු අනුව “පරිපූර්ණ,සාධාරණ හා ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරිම සහ සැමට ජීවිත කාලය පුරා ඉගෙනීමේ අවස්ථාව සැලසීම”යන ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රජාවගේ සාක්ෂරතාව වර්ධනය කරලීමට දායකවීම. |
01) පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය සඳහා ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් විෂයානුබද්ධ අධ්‍යාපනික දැනුම ලබාදීම සඳහා එම දරුවන්ගේ තොරතුරු අවශ්‍යතා හදුනා ගැනීම, පුස්තකාල එකතුව වඩා වර්ධනය කරලීම. I. අවශ්‍යතාවලට අදාල සාරංශ ගතකර අවශ්‍ය තොරතුරු පාඨකයින්ට විමර්ශනය කිරීමට සැළැස්වීම. II. ප්රතිගහන ලේඛන පිළිබඳ පාඨකයින් දැනුවත් කිරීම . 02) උසස් අධ්‍යාපනය අවසන් කරන ලද පාඨකයින් සඳහා රැකියා අවස්ථා ලගා කර ගැනීමට අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට සහය වීම.(NITA වෘත්තිය පුහුණු ආයතන සහය ඇතිව දේශනයක් පැවැතිවීම.) |
ජනවාරි සිට දෙසැම්බර් දක්වා
|
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපතිතුමා ලේකම්තුමා ප්‍රජා සංවර්ධන නිලධාරී |
02 |
පාසල් දරුවන්ගේ විශාදය මානසික පිඩනය අවම කර ගනිමින් අධ්‍යාපනික කටයුතු වල යෙදීමට හැකිවන පරිදි හා තම ඉලක්ක සපුරා ගැනීමට නිදහස් මනසින් යුතුව කටයුතු කිරීම පිළිබඳව දැනුවත් කිරීම. |
01) මනෝවිද්‍යාත්මක දේශනක් පැවැත්වීම.(බල ප්‍රදේශයේ පාසල් වල අ.පො.ස සා .පෙළ සහ උ.පෙළ සිසුන් සඳහා )
|
පෙබරවාරි |
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපතිතුමා ලේකම්තුමා ප්‍රජා සංවර්ධන නිලධාරී |
03 |
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන වැඩසටහනෙහි පස්වන අරමුණ අනුව ”ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ළඟා කර සියලු කාන්තාවන් සහ ගැහැණු ළමුන් සවිබල ගැන්වීම “ යන ඉලක්ක සපුරා ගැනීම සඳහා කටයුතු කිරීම. |
01) සැම කාන්තාවකගේම සමාජ වගකීම හා වගවීම තුළින් ආදරණීය පවුලක් ගොඩනැගීමට දායකත්වය සපයාදීම සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කරලීමේ දේශනයක් පැවැත්වීම. I .කාන්තා ව්‍යවසායකත්වය , ආහාර සුරක්ෂිතතාව , පෝෂණය හා සෞඛය පිළිබඳව. |
මාර්තු |
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපතිතුමා ලේකම්තුමා ප්‍රජා සංවර්ධන නිලධාරී |
04 |
ජංගම සේවාවන් අවශ්‍ය පාඨකයින් හඳුනාගෙන එම සේවාව තුළින් කියවීම ප්‍රගුණ කරලීම හා පුස්තකාල සාමාජික සංඛ්‍යාව වඩා වර්ධනය කිරීම .
|
01) ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් සඳහා ජංගම පුස්තකාල සේවාව ලබා දීම. 02) පාසල් දරුවන් පුස්තකාල සාමාජිකත්වයට බඳවා ගැනීම සඳහා පාසල් තුළ ජංගම සේවා පැවැත්වීම. |
ජනවාරි සිට දෙසැම්බර් දක්වා |
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය
|
සභාපතිතුමා ලේකම්තුමා ප්‍රජා සංවර්ධන නිලධාරී
|
05 |
ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය හා දුම්වැටි අවම කර ගැනීම.
|
01) ADIC ආයතනය හා සම්බන්ධ වී පාඨක ප්‍රජාව දැනුවත් කරලීම වෙනුවෙන් වැඩසටහන් පැවැත්වීම. 02. පාසල් දරුවන් සඳහා මත්ද්‍රව්‍ය භාවිතය ආදීනව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දේශනයක් සංවිධානය . |
ජුනි
|
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපතිතුමා ලේකම්තුමා ප්‍රජා සංවර්ධන නිලධාරී |
06 |
ප්‍රදේශයේ පාඨක ජනතාවගේ කාලීන තොරතුරු අවශ්‍යතා සඳහා අවශ්‍ය දැනුම ලබා දීම. |
ප්‍රජා තොරතුරු ඒකකය යාවත්කාලීන කිරීම. 1) නගර සභාවේ මහ සභා රැස්වීම් පුවත්පත් වාර්තා එකතුව සංවිධානය. 2) බල ප්‍රදේශයේ ප්‍රාදේශීය තොරතුරු එකතු සංවිධානය. 3) රැකියා, ඇබෑර්තූ , තොරතුරු එකතුව පවත්වාගෙන යාම. ( අවශ්‍යතා ඇති පාඨකයින් සඳහා අවශ්‍ය තොරතුරු පිටපත් කරන සේවාව තුළින් ලබා දීම) 4) විශේෂිත විභාග තොරතුරු එකතුව. 5) දෘශ්‍ය ආබාධිත දරුවන් සඳහා බේල් සඟරා එකතුව. 6) කාලීන තොරතුරු / පුවත්පත් කැපුම් එකතු සංවිධානය, ගෙවතු වගාව, කාබනික පොහොර භාවිතය, දේශිය වෙදකම, ජනශ්රැතිය පිළිබඳ. 7) ප්‍රවර්තන, සම්ප්‍රජානන සේවා (දැන්වීම් පුවරු, පටුන පිටු සේවා, පුවත්පත් ලිපි, සඟරා ලිපි කැපුම් එකතුව, පුස්තකාල ප්රවෘත්ති හා පුස්තකාල සේවා ඇතුළත් අත් පත්‍රිකා හා ප්‍රකාශන එකතුව) |
අවශ්‍යතාව පරිදි වසර පුරා
|
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපතිතුමා ලේකම්තුමා ප්‍රජා සංවර්ධන නිලධාරී |
07 |
1.ආහාර සුරක්ෂිතතාවය/වස විසෙන් තොර ගෘහ පරිභෝජනයට සුදුසු බෝග වගාවට ප්‍රජාව දැනුවත් කරලීම. |
1) ගෙවතු බෝග වගාව/ ශාක වර්ග පිළිබඳ දැනුවත් කරලීම සඳහා අදාළ වගාවන් පිළිබඳ අවශ්‍ය තොරතුරු එකතුවක් පුස්තකාලය තුළ සංවිධානය කිරීම. (අවශ්‍ය පාඨකයින් හඳුනාගෙන තොරතුරු ලබාදිමට කටයුතු කිරීම.) |
ජනවාරි දෙසැම්බර් |
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය
|
සභාපති ලේකම් ප්‍රජා සංවර්ධන නිලධාරී |
08 |
පාඨකයින් තුළ කියවීම ප්‍රගුණ කරලීම හා අධ්‍යාපනික ඉගෙනුම් හැකියාවන් ප්‍රවර්ධනයට අත්වැලක් සපයා දීම. |
01) ජාතික කියවීම් මාසය චක්‍ර ලේඛය ප්‍රකාරව විවිධ වැඩසටහන් පැවැත්වීම. 02) ජාතික හා ජාත්‍යන්තර දිනයන්හි වැදගත්කම පිළිබිඹුවන දැනුවත් කිරිම සඳහා තොරතුරු එකතු සකස් කිරිම. |
ඔක්තොම්බර් සිට දෙසැම්බර් දක්වා |
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපතිතුමා ලේකම්තුමා ප්‍රජා සංවර්ධන නිලධාරී |
09 |
පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතය හා නිසි කළමනාකරණය තුළින් පරිසරය ආරක්ෂා කර ගැනීම. |
01) හරිත ඵලදායිතා සංකල්පය පිළිබඳ පාසල් දරුවන් හෝ කාර්ය මණ්ඩලය සඳහා දේශනයක් පැවැත්වීම.(ඵලදායිතා ලේකම් කාර්යාලයේ සහය ඇතිව) |
අප්‍රේල්
|
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපති ලේකම් ප්රජාසංවර්ධන නිලධාරී |
10 |
ප්‍රදේශයේ ජනතාවගේ සාහිත්‍ය කලා කුසලතා ඔප්නංවාලීම . |
01) සාහිත්‍ය තරඟ හා උත්සවය පැවැත්වීම . 02) උත්සවයට සමගාමිව විශ්වසරණි සඟරා හෝ අත් පොතක් ප්‍රකාශයට පත් කිරීම. |
මැයි සිට සැප්තැම්බර් දක්වා |
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපති ලේකම් ප්රජාසංවර්ධන නිලධාරී |
11 |
පාසල් සිසුන් හා ප්‍රදේශයේ ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තොරතුරු කරා ප්‍රවේශ වීම පිළිබඳ දැනුම ලබා දීම. |
01) අන්තර්ජාලය භාවිතය තුළින් තොරතුරු ගවේශනය පිළිබඳ දැනුවත් කරලීමේ වැඩසටහනක් පැවැත්වීම.(තොරතුරු සාක්ෂරතාවය පිළිබඳව) |
ජුලි |
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපති ලේකම් ප්රජාසංවර්ධන නිලධාරී |
12 |
බල ප්‍රදේශයේ ජනතාවගේ දක්ෂතා හා හැකියාවන් වඩා වර්ධනය කර ගැනීමට ස්වයං රැකියා පුහුණුවක් ලබා දිම. |
01) අවු.20 - අවු.40 අතර වයස් වල පිරිසක් තොරා ගෙන විවිධ අංශවල පාඨමාලා පැවැත්වීම. උදා -අත්කම් ,ඉවුම් පිහුම් |
ජනවාරි සිට ජුලි දක්වා |
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපති ලේකම් ප්රජාසංවර්ධන නිලධාරී |
13 |
දරුවන්ගේ නිර්මාණශීලි හැකියාවන් හා දක්ෂතා වර්ධනය තුළින් කියවීම ප්‍රගුණ කරලීම. |
02) බිත්ති පුවත් පත් එළි දැක්වීම. |
ජනවාරි සිට දෙසැම්බර් දක්වා |
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපති ලේකම් ප්රජාසංවර්ධන නිලධාරී |
14 |
පුස්තකාලයේ සේවාවන් පිළිබඳ පාඨකයන් දැනුවත් කරලීම. |
01) මහජන පුස්තකාල සංවිධානය, එහි සේවාවන් ලබා ගැනීම සම්බන්ධව පාඨකයින් දැනුවත් කරලීමේ දේශනයක් පැවැත්වීම.(ජාතික පුස්තකාලය හා සම්බන්ධ වෙමින්) |
අගෝස්තු |
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපති ලේකම් ප්රජාසංවර්ධන නිලධාරී |
15 |
පුස්තකාල පොත් සංරක්ෂණය. |
01) පුස්තකාල පොත් සංරක්ෂණය හා පොත් බැඳීම සම්බන්ධව ප්‍රායෝගික පුහුණු වැඩසටහන් පැවැත්වීම.(ජාතික පුස්තකාලය හා සම්බන්ධ වෙමින්) |
ජුලි |
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපති ලේකම් ප්රජාසංවර්ධන නිලධාරී |
16 |
මා පිය දුදරු සෙනෙහස රැකවරණය හා ආරක්ෂාව ඇතිකරලීමට අත්වැලක් සැපයීම. |
01) ළමා ආරක්ෂක අධිකාරි හා සම්බන්ධ වී දෙමාපියන් හෝ දරුවන් දැනුවත් කරලීමේ වැඩමුළුවක් පැවැත්වීම. |
මැයි |
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපති ලේකම් ප්රජාසංවර්ධන නිලධාරී |
17 |
ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙන දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා අත්වැලක් සැපයීම. |
01) O/L සහ A/L විෂය ධාරාවන් සහ 5 ශිෂ්‍යාත්ව විෂය ධාරාවන් හදාරා විභාගයට මුහුණදුන් දරුවන්ගේ පොත් පරිත්‍යාග ලබා ගෙන අඩු පහසුකම් සහිත වෙනත් පාසලකට පරිත්‍යාග කිරීමට කටයුතු කිරීම. |
දෙසැම්බර් |
පුස්තකාලයාධිපති කාර්ය මණ්ඩලය |
සභාපති ලේකම් ප්රජාසංවර්ධන නිලධාරී |