කසල කළමනාකරණය
මීගමුව, කටුනායක, කුරුණෑගල, ගම්පහ, නිට්ටඹුව, දිවුලපිටිය, ජා-ඇල ආදී ප්‍රධාන නගර යාකරන කේන්ද්‍රස්ථානයක් ලෙස වැදගත්වන මිනුවන්ගොඩ නගරයට දෛනිකව සංසරණය වන ජනගහනය 3500 ක් පමණ වේ.
ජනගහනය අධිකවීමත් දෛනික සංක්රමනික ජනතාව හරහා ලැබෙන කසළ ප්‍රමාණය අධිකවීමත් මිනිසුන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපයන් හේතුවෙන් පරිසර සුන්දරත්වය කෙලෙසන පරිදි දෛනිකව විශාල කසල ප්‍රමාණයක් එකතු වන බව නිරීක්ෂණය වී ඇත.
දූරදර්ශී ක්‍රියාමාර්ගයන් සැලසුම් සහගතව විධිමත්ව අනුගමනය කිරීම තුළින් පරිසර හිතකාමී සුවබර පරිසරයක් අනාගත පරපුරට දායාද කිරීම අපගේ ඒකායන අරමුණ වේ.
මිනුවන්ගොඩ සැලසුම් සහගත කසළ කළමණාකරන ව්‍යාපෘතියේ ප්‍රධාන අංශ,
- වීථි අතු ගෑම - (උදෑසන 6.00 - 10.30 දක්වා නගර මධ්‍ය සේවිකාවන් තිදෙනෙක් සහ සේවක මහතෙකු යොදවා ඇති අතර 10.30 න් පසු ප්‍රධාන මාවත් ඇමදීම සිදු කෙරේ.)
කසළ කළමනාකරණය සදහා නගර සභාව සතු සම්පත්
ට්‍රැක්ටර් | 04 |
අත්කරත්ත | 04 |
ගලිබවුසර් | 01 |
ටිපර් | 02 |
වීථි කසළ එකතුකිරීම සදහා එක් වාහනයකට සේවකයන් දෙදෙනෙකු යොදවා ඇත. සෑම වීථියකම දිරන කසළ දිනපතා එකතු කරන අතර, ප්‍රධාන වීථිවල දිවා රාත්‍රී සේවා මුර 02 ක් ක්‍රියාත්මකය.
ප්‍රදේශවාසීන්ගෙන් එක්රැස් කරන කසල නිවසේදීම වර්ගීකරණය කර ලබා ගන්නා අතර, සංක්‍රමණික ජනතාවගෙන් ලබා ගන්නා කසළ ජාපාල වෙන්කිරීමේ මධ්‍යස්ථානයේදී වර්ගීකරණය කෙරේ.
කඩදාසි, කාඩ්බෝඩ්, යකඩ, පත්තර ප්රතිචක්රීයකරණයට යොමු කරන අතර. ප්රතිචක්රීයකරණය කළ නොහැකි කසල හොල්සිම් ආයතනය වෙත සති දෙකකට වරක් යොමු කෙරේ.
දිරන කසල කොම්පෝස්ට්කරණය සදහා යොමු කෙරේ.
සිව්මසකට වරක් කසළ පොළක් පවත්වා ප්‍රදේශයේ ජනනය වන වටිනාකමක් ඇති කසළ ප්‍රදේශවාසීන්ට විකිණීමට පහසුකම් සලසාලීම මගින් නගරසභාව වෙත යොමුවන කසළ ප්‍රමාණය අවම කර ඇත.
මල අපද්‍රව්‍යය ඉවත් කිරීම
ගලි සේවාව ලබා ගැනීමේ ගාස්තු (මෙම ගාස්තු කාලීනව සංශෝධනය වනු ඇත.)
ස්ථාන | නගර සීමාව තුල | නගර සීමාව පිටත |
||
1 වාරය | වැඩිවන වාරයකට | 1 වාරය | වැඩිවන වාරයකට | |
නිවසකින් | රු. 1750.00 | රු. 1000.00 | රු. 2500.00 | රු. 1500.00 |
ව්‍යාපාර ස්ථානයකින් | රු. 2500.00 | රු. 1750.00 | රු. 4000.00 | රු. 2000.00 |
කර්මාන්ත ශාලා සංචාරක හෝටල් | රු. 3000.00 | රු. 2250.00 | රු. 5000.00 | රු. 2500.00 |
රජයේ ආයතන | රු. 1250.00 | රු. 750.00 | රු. 2000.00 | රු. 1500.00 |
ආගමික හා වෙනත් සුභසාධන ස්ථාන | රු. 1000.00 | රු. 750.00 | රු. 1500.00 | රු. 1000.00 |
ගාස්තු ගණනය කරන ආකාරය
- 1 වාරය සඳහා - බැහැරලීම් ගාස්තුව + ප්‍රවාහන ගාස්තුව + රජයේ අනුමත බදු.
- බැහැරලීම් ගාස්තුව ප්‍රවාහන වාර ගණන අනුව වෙනස් වේ.
- සේවා ගාස්තුව 10%.
- ප්‍රවාහන ගාස්තුව නගර සභා බල ප්‍රදේශය තුල රු. 750.00 ක් ද නගර සීමාවෙන් පිටත වැඩිවන දුර ප්‍රමාණය අනුව කිලෝමීටර් 1 කට රු. 40.00 බැගින් ද අය කෙරේ.
- බැහැරලිම් ගාස්තුව රු. 900.00 - බැගින් ද අය කෙරේ.
ගලි සේවාව අයදුම්කල හැකි ආකාරය
- අදාල අයදුම්පත්‍රය නගර සභා කාර්යාලයට පැමිණ ලබා ගැනීමට හෝ මෙම වෙබ් අඩවියෙන් බාගත කර ගත හැක.
- අයදුම්පත සම්පූර්ණ කර බාරදීමේදී අදාල ගාස්තුව ගණනය කර ලබා දෙන අතර එකී මුදල් ගෙවා ගලි සේවාව ලබා ගැනීමට දල වශයෙන් දිනයක් ලබා ගත හැකි වේ.
- ඔබ ඉල්ලුම් කරන දිනයන් නොවැළක්විය හැකි හේතූන් මත වෙනස් විය හැක. එබැවින් දිනය තහවුරු කර ඔබට දුරකථන මාර්ගයෙන් දැනුම් දෙනු ලැබේ.
සැලකිය යුතු කරුණු
- වැසිකිලි වලෙහි අපද්‍රව්‍යය ගලි සේවාව ලබා දිය හැකි තත්වයේ එනම් ද්‍රව තත්වයෙන් පැවතීම අනිවාර්ය වේ. මේ පිළිබඳ අයදුම්කරු විසින් සහතික විය යුතුයි.
- එසේම වැසිකිලි වල වසර 10 කට වඩා පැරණි නම් අපගේ සේවක මහතෙකු ස්ථානීය පරීක්ෂණයකට පැමිණෙනු ඇත.
- ගලි රථයේ බටය අඩි 40ක් වන බැවින් ගලි රථය නැවැත්විය හැකි ස්ථානයේ සිට වැසිකිලි වල දක්වා දුර ඊට අඩුවිය යුතුය.
පරිසර බලපත්‍ර නිකුත් කිරීම
මධ්‍යම පරිසර අධිකාරිය විසින් දී ඇති උපදෙස් මාලාවට අනුකූලව මිනුවන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ පරිසර බලපත්‍ර ලබා ගත යුතු ආයතන හඳුනාගෙන, එම ආයතන වලට බලපත්‍ර ලබාගත යුතු බවට දැනුම් දෙනු ලැබේ.
පරිසර බලපත්‍ර ගාස්තු | රු. 1,000.00 |
පරිසර බලපත්‍ර අළුත් කිරිමේ අයදුම් පත්‍ර ගාස්තු | රු. 500.00 |
මුදල් ගෙවා ලබා ගන්නා අයඳුම්පත්‍ර ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල කමිටුවක් විසින් අදාල පරිශ්‍රය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, පරිසර බලපත්‍රය ලබා දීම, සුදුසු ද නුසුදුසු ද යන්න නිර්දේශ කරනු ලබයි. නිර්දේශිත පරිසර බලපත්‍ර, පරිසර තාක්ෂණික කමිටුවකට යොමු කර පරිසර නිලධාරී ඇතුළු තාක්ෂණ කමිටු නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බලපත්‍රය නිකුත් කරනු ලැබේ.
තාක්ෂණ කමිටුවේදී ප්‍රතික්ෂේපිත අයදුම් පත්‍ර සාධාරණ කාල සිමාවකට යටත්ව අදාල අඩුපාඩු සම්පුර්ණ කරන ලෙස ලිඛිතව දැනුම් දෙනු ලැබේ. අනුමැතිය ලබා ගත් පරිසර බලපත්‍ර වසර 3කට වරක් අළුත් කල යුතු අතර කල් ඉකුත් වීමට මාස 3කට පෙර දැනුම් දී දීර්ඝ කරනු ලැබේ.
අඩුපාඩු සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍ර සඳහා පරිසර බලපත්‍රය නිකුත් කරනු ලබන අතර අඩුපාඩු සම්පුර්ණ නොකරන ලද අයදුම්පත්‍ර වල පරිසර බලපත්‍රය අහෝසි කර නීතිමය කටයුතු කිරිමට පියවර ගනු ලැබේ.
මහජන පැමිණිලි විමර්ෂණය
- නගර සභාව වෙත ලිඛිතව පැමිණිලිකරුවන්ගේ සත්‍ය තොරතුරු සහිතව ඉදිරිපත් වන පැමිණිලි පිලිබඳව ඉතා කඩිනමින් විමර්ෂණය කර ගැටලුවක් ඇත්නම් නිරාකරණය කර ලිඛිතවම අදාල පාර්ශව වෙත දන්වනු ලැබේ.
- දුරකථන මාර්ගගත විමසීම් වලදීද අදාල පැමිණිලි සටහන් කර ගන්නා අතර ඒ පිළිබඳව පසු තත්වය අදාල කාලසීමාව අවසානයේ නැවත වරක් අමතා දැන ගැනීමට හැකියාව පවතී.
සම්බන්ධීකරණය
නම සහ තනතුර | ලිපිනය | දුරකථන අංක | ෆැක්ස් | විද්‍යුත් තැපෑල |
විමුක්ති ලක්නුවන් මයා මහජන සෞඛ්‍ය පරීක්ෂක |
මිනුවන්ගොඩ නගර සභාව, සිරිවර්ධන මාවත, මිනුවන්ගොඩ. | +94 112 295 275 / +94 112 297 636 |
+94 112 281 505 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කාංචන මධුරංග මයා සෞඛ්‍ය පරිපාලක |
මිනුවන්ගොඩ නගර සභාව, සිරිවර්ධන මාවත, මිනුවන්ගොඩ. | +94 112 295 275 / +94 112 297 636 |
+94 112 281 505 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |