ඉතා දීර්ඝ ඓතිහාසික පසුබිමක් ඇති මිනුවන්ගොඩ පුරවරයේ ප්‍රධානම නගරය මිනුවන්ගොඩ නගරය යි. මිනුවන්ගොඩ නගරය කේන්ද්‍ර කරගනිම්න් තම බල ප්‍රදේශය විහිදුවා ඇති මිනුවන්ගොඩ නගර සභාව වර්ග කි.මී. 4.4 ක් පුරා විහිදී යන අතර ග්‍රාම නිලධාරී වසම් 6 කින් සමන්විතය. සමස්ත ජනගහණය 8576 ක් වන අතර පවුල් 2033 කි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පිවිසීමේදී හා ඉන් පිටවීමේදී මුණගැසෙන අවසාන හා පළමු නගරය වශයෙන් මිනුවන්ගොඩ නගරය ඉතා කාර්යබහුල නගරයක් වන හෙයින් අප නගර සභාව වෙත සුවිශේසී වූ කාර්යභාරයක් ඉටු කිරීමෙහිලා මහඟු වගකීමක් පැවරී ඇත.
මහජනතාවගේ උපතේ සිට මරණය දක්වා විවිධ කාර්යයන් වලදී නගර සභාව විසින් සිය දායකත්වය සපයනු ලබන අතර, මහ ජනතාවට වඩාත් සමීප හා අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනය වශයෙන් ද නගර සභාව හැදින්විය හැකිය. ප්‍රවේශ මාර්ග හා අතුරු මාර්ග සංවර්ධනය, වීථි ලාම්පු සවි කිරිම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, පුස්තකාල, පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය, කායවර්ධන මධ්‍යස්ථාන, පොදු වෙළඳපල හා සතිපොළ, සුසානභූමි හා ආදාහනාගාර ,උද්‍යාන අලංකරණය, පොදු වැසිකිලි ඉදිකිරිම හා නඩත්තුව ඇතුළු සේවාවන් සැපයිම සඳහා අප ආයතනය සිය ස්වයං උත්පාදන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් වැය කරයි.
“අසිරිමත් මිනුවන්ගොඩ ආශ්චර්යයමත් නගරයක් කරා ” යන දැක්ම මුල් කර ගනිමින් නගර සභා බල ප්‍රදේශයේ මෙන්ම මිනුවන්ගොඩ නගරය හරහා ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, බල ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය, සෞඛ්‍ය හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, මාතෘ හා ළමා සුරක්ෂිතතාව තහවුරු කිරීම ඇතුළු සේවා සැපයිම තුළින් නාගරික ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම උදෙසා සහාය වීම සඳහා ඉවහල් වන්නාවූ විවිධ ව්‍යාපෘති නගර සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මේ සඳහා අවශ්‍ය වන අරමුදල් සම්පාදනය වරිපනම් හා වෙළඳ ආදායම් මෙන්ම නව ආදායම් උත්පාදන ව්‍යාපෘති හදුනාගැනීම හා දියත් කිරීම මගින් සිදු කරයි.
නගර සිමාව තුළ ජීවත්වන නගරවාසීන් මුල්කර ගනිමින් සහ නගරය පරිහරණය සඳහා පැමිණෙන නාගරික පාරිභෝගිකයින්ගේ සුඛ විහරණය සඳහ නගර සභාව සතු සියළුම සම්පත් කාර්යක්ෂම අයුරින් භාවිතා කරමින් මහජන හිතකාමී, පරිසර හිතකාමී සහ නෛතික පැවැත්මක් සහිත ඵලදායී ව්‍යාපෘති නගර සභා බල ප්‍රදේශය තුළ ස්ථාපිත කිරීම, පාලනය කිරීම හා ප්රශස්ත මට්ටමකින් පවත්වාගෙන යාම අප නගර සභාවේ මූලික අභිප්‍රායයි.
ලේකම්