සැලකිලිමත් වන්න
- ඉඩම පර්චස් 6 (හයකට) වැඩි විය යුතුය.
- වසර 10ක කාලසීමාවක් තුල ඉඩම් සැලසුම (පිඹුර) නගර සභාව මඟින් අනුමත කර තිබීම.
- සැලසුමේ සඳහන් බිම් ප්රමාණය භෞතිකව පවතීද යන්න.
- සංවර්ධන කාර්යයන් සඳහා පවරා ගැනීමකට හෝ වෙන්කිරීමකට යෝජිත ඉඩමක් නොවන වග.
- කුඹුරු, ඕවිට හෝ වගුරු බිම් වලට ගැනෙන ඉඩමක් සංවර්ධනය කර පවතී නම් ඒ සඳහා අදාළ ආයතන වලින් ලබාගත් නිරවුල් සහතික ලබා ගන්න.
- ඉඩමෙහි ස්වභාවික ජල බැස්මවල් පවතීද යන්න සහ තිබේ නම් එය ප්රධාන ජල බැස්මකට සම්බන්ධද යන්න.
- වැසි ජලය කළමනාකරණය කර ගැනීමේ හැකියාව.
- ඉඩමේ මායිම්වල පස් කැපීම නිසා ඇති වූ සෘජු බෑවුම් තිබේද යන්න සහ යාබඳ ඉඩම් හිමිකරුවන්ගේ ක්රියාවන් හේතුවෙන් එවන් තත්වයක් උද්ගතවීමේ තත්වයක් පවතීද යන්න.
- අධි බලැති විදුලි රැහැන්, විදුලි කණු, සන්නිවේදන කුළුණු ඉඩම තුළ හෝ ඉඩම මතින් පවතීද යන්න.
- ගංගා, ඇළ මාර්ග, ගල් කඳු, ප්රධාන කාණු සඳහා වෙන්කර ඇති රක්ෂිත ඉඩමකට ඇතුලත්ව පවතීද යන්න.
- ඉඩමෙහි ප්රවේශ මාර්ග භෞතිකව සකස්කර නැත්නම් බාධාවකින් තොරව සකසා ගැනීමේ ඉඩකඩ පවතීද යන වග.
- ප්රවේශ මාර්ගය සඳහා වෙන්කර ඇති රක්ෂිත සැලසුම් තුළ ලකුණු කර පවතී නම් එම බිම් තීරු භෞතිකව වෙන්කර පවතීද යන වග.
- ඉඩමට ප්රවේශය ලබාගන්නා මාර්ගයේ අවම පළල අඩි 10ක් විය යුතු අතර නියමිත වාහන හැරවුම් ප්රවේශ පවතීද යන්න.
- බිම් කට්ටිය සඳහා ප්රවේශය ලබාගන්නා මාර්ගයේ පළල බිම් කට්ටි ප්රමාණය අනුව නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට අනුකූලද යන වග.
- අනුමත බිම් කට්ටි සැලසුමේ කොන්දේසි සඳහන් කර තිබේ නම් ඒවා නියමිත පරිදි ඉටුකර තිබේද යන්න.
- බිම් කට්ටිය සඳහා ප්රවේශය ලබා ගන්නා මාර්ගයේ ප්රවේශ තත්වයට භෞතිකව බාධා පවතීද යන්න. (උදා :- විදුලිය, දුරකථන කණු, විශාල කළුගල්, ජල බැස්මවල්, නිවාසවල කොටස්)