ඔබ විසින් නගර සභාවට ගෙවනු ලබන වරිපනම් බද්ධ ආර්ථීක ශක්තියක් කොටගෙන නගර සභාව විසින් සුවිශේෂ වු මෙහෙවරක් නගර වැසියන් සඳහා කරනු ලබයි.
- නගර වැසියන්ට අවශ්‍ය පොදු පහසුකම් සැලසීම සහ මහජන උපයෝගිතාව පිළිබඳ සේවාවන් සැපයිම.
- පොදු මංමාවත් නඩත්තුව සහ කුණු කසල අපහරණය කිරීම සහ අප ජලය විධිමත්ලෙස බැහැර කිරීම.
- සෞඛ්‍ය අධ්‍යාපන සංස්කෘතික අංශයන්ගේ වැඩි දියුණුව සඳහා දායකවීම.
- පොදුවේ ගත් කල සියළුම නගර වැසියන්ගේ සුඛ වියරණය සඳහා අවශ්‍ය සියළුම කටයුතු කිරීම.
වරිපනම් ගෙවීම නිසා ඔබට අත්වන සුවිශේෂ වු වරප්රසාදයන්
- සම්පූර්ණ වර්ෂය සඳහාම වරිපනම් බදු එකවර ජනවාරි මස තුල ගෙවනු ලැබුවහොත් 10% වට්ටමක්ද සෑම කාර්තුවක් මුලදීම කාර්තුවට අදාල මුදල ගෙවනු ලැබුවහොත් 5% වට්ටමක්ද ඔබ හට ලැබීම.
- නගර සභාව තුලින් ඔබට ලබාගැනීමට අවශ්‍ය සේවාවන් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දී කඩිනම් සේවාවක් ලබාදීම.
- නගර සභාව විසින් කරනු ලබන ප්‍රජා සංවර්ධන කටයුතු වලදී ප්‍රමුඛස්ථානය ලබා දිම.
- ඔබ දරුවා පාසලට ඇතුලත් කිරීමේදී මුහුණ දෙන අපහසුතාවය මග හැරවීමට.
- ඉඩම් කොටස් කිරීම, විකිණීම හා පැවරීමේදී ඇතිවන අපහසුතාවය මග හැරවීම.
- ජලය, විදුලිය ලබා ගැනීමේදී ඇතිවන අපහසුතාවය මග හැරවීම.
- වරිපනම් බදු පැහැර හැරීම නිසා දේපළ තහනම් කිරීම වැනි නීතිමය ක්‍රියා මාර්ග වලින් ඔබ අපහසුතාවයට පත්නොවීම.
එසේනම් ඔබද නොපමාව වරිපනම් බදුගෙවා සුපසන්වූ පුරවරයක් බිහිකිරීම සඳහා දායක වන්න.