සටහන
මිනුවන්ගොඩ නගර සභාවේ ගරු සභාපතිතුමාගේ හා ලේකම්තුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ නාගරික මන්ත්‍රීතුමන්ලා හා සමස්ථ කාර්යමණ්ඩලය වෙනුවෙන් 2019.06.25 දින තොලංගමුව ග්‍රීන් සෙන්ටර් ආයතනයේදී ධම්ම හදය සංවිධානයේ මෙහෙයවීමෙන් ආචාර්ය සමන් වීරවංශ මහතාගේ සම්පත්දායකත්වයෙන් යහපත් සතිය පිහිටුවීම හා නායකත්ව පුහුණු වැඩසටහනේ පළමු අදියර සාර්ථක ලෙස නිම කරන ලදි.
එහිදී,
- නායකත්ව පෞර්ෂය ගොඩනැගීම
- සන්නිවේදන කුසලතා
- යහපත් සතිය පිහිටුවීම
- සාමුහික වගකීම හා වගවීම
- ජීවිතය පිළිබඳව යහපත් දැක්මක් ඇතිකිරීම
- මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතයේ ආදීනව
යන කරුණු ඔස්සේ සාම්ප්‍රදායික ඉගැන්නුම් ක්‍රමවේදයන්ගෙන් බැහැරව ප්‍රායෝගික අභ්‍යාස ක්‍රමවේදයන් ( Out Bound Training Sessions )තුලින් හා මනෝවිද්‍යාත්මක කෙටි දේශනයන් තුලින් මනා අවබෝධයක් හා අපූරු අත්දැකීමක් සහභාගි වූ සියළුම සාමාජිකයන් වෙත ලබා ගැනීමට හැකිවිය.