අපගේ දැක්ම
2025 වසරෙන් මෙපිට ගුණ නැණ බෙලෙන් පිරි සාර්වත්රික බුද්ධිමත් නාගරික ප්‍රජාවක් උදෙසා සකලවිධ උපාංගයන් සපිරි පුස්තකාලයක්...
අපගේ මෙහෙවර
ශ්‍රී ලාංකේය අද්විතීය හර සංස්කෘතීන් ද, අගයන් ද,විශ්වීය දැනුම් සම්භාරයන් හා සාහිත්‍ය වටිනාකම් ද,ජීවන පරිශීලනයට එක් කර ගැනීමට, නූතන තොරතුරු සන්නිවේදන ප්රවේශයන්ගෙන් සන්නද්ධ කොට,ජාතික තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා,නගර සංවර්ධනයේ ඵලදායී සහභාගීත්වයකට උගත්, බුද්ධිමත් නාගරික ප්‍රජාවක් ඇති කිරීම.
පුස්තකාලයේ අගයන්
- සේවාලාභී පාඨක ප්‍රජාව පළමු ස්ථානයේ තබා කටයුතු කිරීම.
- නිර්මාණශීලි ක්‍රමවත් වැඩ පරිසරයක් තුළ කාර්යක්ෂම සේවාවක් සැපයීමට නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීම.
- සමාජ සහභාගීත්වය වර්ධනය සඳහා සේවා අවශ්‍යතා හඳුනාගැනීම, ඒවා සපයා දීම.
- කලාව, සෞන්දර්ය හා සාහිත්‍යමය වටිනාකමින් යුත් ව්‍යාපෘති,වැඩසටහන් ක්‍රියාත්මක කරලීම තුළින් පාඨකයන්ගේ ආකල්ප හා කුසලතා සංවර්ධනයට සහය වීම.
- සේවාලාභීන්ගේ කාලීන තොරතුරු අවශ්‍යතා හා කාර්ය ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ සඳහා ක්‍රියා මාර්ග සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම.
- සේවාවන්හි අගයන් මැනීම, පරමාර්ථ ළගා කර ගැනීමට ධනාත්මක ආකල්ප මත ක්‍රියාත්මක වී ඉලක්ක සපුරා ගැනීම.
අරමුණු
- ජනතාවගේ තොරතුරු හා අධ්‍යාපනික ඉගෙනුම් අවශ්‍යතාවන් සපුරා දීම උදෙසා තොරතුරු මූලාශ්‍ර හඳුන්වා දීම, ප්‍රචාරණය කරලීම, පරිශීලනයට මඟ පෙන්වීම හා භාවිතයට හුරු කරලීම තුළින් සමාජ සංවර්ධනයට දායකත්වය සැපයීම.
- ස්ව අධ්‍යන කුසලතා වර්ධනයට සහය වී, ඒ සඳහා අවස්ථා සලසා දීම, සමාජ සහභාගීත්වය වර්ධනය කර ගැනීම තුළින්, ප්‍රජාවගේ කාලීන අවශ්‍යතාවලට සරිලන දැනුමෙන් ඔවුන් පෝෂණය කිරීම හා ගැටළු නිරාකරණයට අවස්ථා සලසා දීම.
- සමාජීය ආර්ථිකමය හා සංස්කෘතික වටිනාකමින් යුත් වැඩසටහන් ක්‍රියාත්මක කරලීම තුළින් මිනුවන්ගොඩ නගර වාසීන්ගේ ජන ජීවිතය පෝෂණය කරලීම සඳහා දිරි දීම, පෙළඹවීම, මඟ පෙන්වීම මඟින් රටේ ජාතික දැක්මට සවියක් සපයා දීම.
- තොරතුරු සන්නිවේදනය උපයෝගී කර ගනිමින් ප්‍රදේශයේ ජනතාවට වඩාත් ඵලදායී වූ සේවාවන් සපයා දීමට පුස්තකාලය පළමු ශ්‍රේණියේ විද්‍යුත් පුස්තකාලයක් බවට පත් කිරීම.
විවෘතව පවතින වේලාව
- රජයේ නිවාඩු දින ( පෝය දින ඇතුළුව) දිනපතා පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පුස්තකාලය පාඨකයින් සඳහා විවෘතව පවතී. සියලු සේවාවන් සඳහා යටිතල පහසුකම් සලසා ඇත.