දැක්ම
අසිරිමත් මිනුවන්ගොඩ, වසර 2026 දී ආශ්චර්යමත් නගරයක් කරා.........
මෙහෙවර
මිනුවන්ගොඩ නගරවාසීන්ගේ සහයෝගයෙන් නගරයට අවශ්‍ය සියලුම පොදු පහසුකම් සැලසීම අපගේ මෙහෙවරයි. නගර සීමාව තුළ මහජන උපයෝගී සේවා සහ පොදු මංමාවත් පිළිබඳ සියලු කරුණු විධිමත් කිරීම, පාලනය කිරීම මෙහෙවරට අයත් වේ. නගරවාසී ඔබගේ සුඛවිහරණය හා සුභසාධනය සඳහා සුඛවිහරණ ක්‍රම සැලසුම් කිරීම හා වැඩි දියුණු කිරීමට අපි උත්සාහ කරමු.
අගයන්
- සමානාත්මතාවය
- විනිවිද භාවය
- සැලසුම්සහගත බව
- වෙලාවට වැඩ කිරීම
- සතුටින් රාජකාරි ඉටුකළ හැකි වැඩ පරිසරයක් පවත්වාගෙන යාම
- උත්තරදායි භාවය
- බාහිර හා අභ්‍යන්තර සහභාගිත්ව කළමනාකරණය
- සේවාලාභීන්ගේ අවශ්‍යතා පළමු ස්ථානයේ තබා කටයුතු කිරීම
- නෛතික වශයෙන් සභාවට ලැබී ඇති බලතල හා නීති රීති රෙගුලාසීන්ට අනුකූල වීම.
- සඵලදායිත්වය
- කාර්යක්ෂමතාවය
- නිසිලෙස සැලසුම් කළ වැඩ පරිසරය හා ක්‍රියාවලීන්
- යහපත් හා සෘජු සන්නිවේදනය
- පරිසර හිතකාමී බව
අරමුණු
- නගර සභා බල ප්‍රදේශය තුළ පොදු මං මාවත්, සෞඛ්‍ය සහ මහජන උපයෝගිතා හා අපද්‍රව්‍යය කළමනාකරණ අවශ්‍යතා පිළිබඳ සියලු කරුණු විධිමත් කිරීම, පාලනය කිරීම, සහ ජනතාවගේ සුඛ විහරණය සුව පහසුව සහ සුබ සාධනය ආරක්ෂා කිරීම සහ වැඩි දියුණු කිරීම තුලින් මිනුවන්ගොඩ නගරය ආශ්චර්යමත් නගරයක් බවට පත්කිරීම. සඳහා
- මිනුවන්ගොඩ නගර සභාව සතු අවිධිමත් තත්වයට පත්ව ඇති දේපල ඇතුලු සියලුම වත්කම්හි ආරක්ෂාව තහවුරු කර නිසි කළමනාකරණයක් තුලින් ආදායම් ලැබිය හැකි මට්ටමට සංවර්ධනය කර මිනුවන්ගොඩ නගර සභාව වෙත ස්වයං උත්පාදන ආර්ථිකයක් ඇති කිරීම.
- නගර වාසීන් මුහුණ දී සිටින පානීය ජල ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලබා දීම.
- විධිමත් මූල්‍ය කළමනාකරණය ඇති කිරීම.
- සම්පත් නාස්තිය හා ආපදා අවම කිරීම.
- මිනුවන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල මං මාවත් සියල්ල සකස් කර නිමා කිරීම.
- නගර සභා ආඥා පණතේ විධිවිධානයන්ට යටත්ව දියත් කළ හැකි සියලුම ප්‍රජා සත්කාර ව්‍යාපෘති වාර්ෂිකව ඉටු කිරීම.
- නගරබල ප්‍රදේශයේ සියලුම වයස්කාණ්ඩවල හා විශේෂ අවශ්‍යතා ඇති පාර්ශවයන් දැනුම්වත් කිරීම උදෙසා ව්‍යාපෘති ඉටු කිරීම.
- නගර බල සීමාව තුල වන පැල්පත් නිවාස වෙනුවට සනීපාරක්ෂක පහසුකම් සහිත නිවාස ව්‍යාපෘතියක් දියත් කර අවසන් කිරීම.
- මිනුවන්ගොඩ නගරය විධිමත් සුව පහසු මනස්කාන්ත පරිසරයකින් යුතු නගරයක් බවට පත් කිරීම.
- දිගුකාලීන සැලසුම්ගත ක්‍රියාවලියක් යටතේ කාර්ය මණ්ඩලයේ කායික මානසික හා දැනුවත්භාවය සංවර්ධනය තුලින් ධනාත්මක ආකල්ප සහිත මානව සම්පතක් ඇති කිරීම.
- සභාවේ සියලුම ක්‍රියාවලි නිරන්තර වැඩි දියුණු කිරීම හා සුමට කිරීම.
- ආයතනය තුළ ඵලදායිතාවය, කාර්යසාධනය ප්‍රවර්ධනය හා තිරසාර පැවැත්ම තහවුරු කිරීමට කටයුතු කිරීම තුළින් කාර්යක්ෂම, සහයෝගීත්ව, නව්‍ය මෙන් ම ජනතාවට වගකියන උසස්හා ගුණාත්මක ප්‍රජා සේවාවන් සපයන ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන අතර මහජනතාවට සේවා සැපයීමේ ප්‍රමුඛයා බවට පත්වීම.